ඉහත දැක්වෙන්නේ ස්වංක්‍රීය පද්ධතියක් මගින් ස්වංක්‍රීයව ‍තෝරාගත් ලිපි වන අතර එම ලිපි ගැන කිසිදු වගකීමක් අප දරන්නේ නැත.

රන්වන් මකරා
සංස්කාරක
මකරාගේ බ්ලොග් කියවනය

Friday, March 31, 2017

දරුවන් වෙනුවෙන් ඔබට රඟපෑ හැකි චරිත පහක්....





අද මම ලියන්න යන්නේ ඔබට ඔබේ දරුවන් සමඟ රඟපාන්න පුලුවන් චරිත පහක් ගැන. මේ ලිපිය "දරුවන්ගේ සන්නිවේදන ක්‍රියාවලියේ පියවර" නමින් ලියූ ලිපිය සමඟ බැඳෙන අතර මේ චරිත 5 ගැන ලියන්න හේතුව තමයි ඔබ ඔබේ දරුවා සමඟ හැසිරෙන විදිහ ඔබෙත් දරුවගෙත් පෞර්ශය තීරණය කරන ප්‍රධාන සාධකයක් වීම.  ඔබත් දරුවත් එකිනෙකා සමඟ අදහස් හුවමාරු කරගන්න ආකාරය මේ චරිත 5 ඇතුලේ රඟදක්වන්න හදාගන්න පුලුවන් නම් දරුවන්ට හරිම ලේසියි ඉගෙන ගන්න ජීවිතය.  ඒ වගේම ඔබටත් විශාල පහසුවක් දැනේවී දරුවන් සමඟ වැඩ කරන්න අනවශ්‍ය විදිහට පීඩනයට පත් නොවි.

හොඳින් මතක තියාගන්න ඕන මේ චරිත 5 රඟපාන විට ඔබ මතු කරගන්න උත්සහ කරන්න ඕන ඔබේ දරුවට උපතින් හිමි පෞර්ශය මිසක් ඔබට අවශ්‍ය පෞර්ශය නොවන බව.  මොකද කිසිම කෙනෙකුට තමන් නොවන කෙනෙකු ලෙස ජීවිතය පටන් අරන් සාර්ථකව තෘප්තිමත්ව වෙහෙස දැනෙන  මේ ජීවිත ගමනේ සැහැල්ලුවෙන් යා නොහැකි නිසා.  


The "Helper/Teacher" Role -  උදව්කරුගේ චරිතය


ඔබේ ආදරණීය පුංචි පැංචි පැංචියන්ට තාම හරියටම තේරුම් ගන්න අමාරුයි කොහොමද එයාලා අවට තියන දේවල් එක්ක සුහදව තමන්ට ඕන දේවල් කරගන්නේ කියන එක සහ කොහොමද අනිත් එක්ක තමන්ගේ අදහස් ගැටලුවකින් තොරව හුවමාරු කරගන්නේ කියන එක. ඉතින් උදව් ඕන වෙන එක අහන්නත් දෙයක් ද... මේ විදිහට උදව් දුන්නොත් ඔබ බලාපොරොත්තු වෙනවට වඩා  බොහෝ දේ ඔබව පුදුමයට පත් කරමින් කරන්න අවස්ථාවන් ලැබේවි දරුවන්ට.

අපි දරුවන්ගේ සන්නිවේදන ක්‍රියාවලියේ පියවර ලිපියේදි කතා කල "තමන්ගේම පිළිවෙලට තනියෙන් දෙයක් කිරීම" කියන අවස්ථාවේ ඉන්න දරුවෙකුට මෙන්න මේ උදව් කරුවෙක් විදිහට ඔබ කරන රඟපෑම ඉතාම වැදගත් සහ උදව්වක් වෙන්නේ තාමත් තමන් කරන්න ඕන මොනවද   නැත්තේ මොනවද කියලත් ඔබ දරුවගෙන් බලාපොරොත්තු වෙන්නේ මොනවද කියලත් වැටහෙන්නේ නැති නිසයි.  මේ ලොකේ මොන දේ කරන්න ගියත් තියනවනේ නිතී රීති.. ඉතින් මේ චරිතය ඇතුලෙත් ඔබට තියනවා නිතී පිළිපැදිය යුතු සාර්ථක වෙන්න නම් ඔබේ රඟපෑම.


උදව්කරුගේ නීතිය - එක් වරක් කියන්න, ඉවසීමෙන් ඉන්න. ඉන් පසුව නැවත කියන්න, අවශ්‍ය උදව් එකතු කරමින්.


මේ නීතිය භාවිතා කරමින් දරුවා සමඟ ඔබ කාලය හරහා  ගමන් කරද්දි ඔබට හඳුනාගන්න පහසු වේවි ඔබ උදව්කරුගේ චරිතය රඟපාන්න ඕන අවස්ථාවන් සහ ඔබ දරුවට කරන්න ඕන උදව් මොනවද කියලත්.. ජීවිතේ කලබලකාරී රටාවකට ගෙවමින් මේ නීතිය පිළිපදිමින් සැහැල්ලුවෙන්  මේ චරිතය රඟපාන්න නම් අමාරුයි කියන එක ඔබට වැටහේවි මම හිතන්නේ...ඉතින් සරල කරගන්න ජීවන රටාව.


The "Do Not Disturb" Role -  බාධා නොකරන්නාගේ චරිතය

මෙන්න මේ චරිතය නම් හරිම අමාරුයි අම්මා කෙනෙකුට රඟපාන්න දරුවන්ට පණ වගේ ආදරය කරන.  ඒත් ඉතින් ආදරයේදි අපේ හිත් බොළඳ උනාට ජීවිතේ කියන්නේ බොළඳ හිතක් එක්ක සාර්ථකව යන්න පුලුවන් ගමනක් නෙමේ කියන එක මේ චරිතය රඟපාන්න වෙන තැන් වලදි අම්මා කෙනෙක් මතක තියාගත්තොත් දරුවෙකුට බොහෝ දේ දායාද කරන්න පුලුවන් ඇයගේ ජිවිත ගමනෙන් එකතු වුනු... මම එහෙම අම්මලාටම කිව්වට සමහර තාත්තලාටත් ඒ කතාව අඳාලයි. ( චරිත ලක්ෂණ ලිංග බේධය නැතුව දකින එක තමයි හරිම දේ කියලයි මට නම් හිතෙන්නෙම )


සාමාන්‍යයෙන් දරුවෙක් ඔබත් එක්ක සබඳකම් පවත්වන්න එතරම් කැමැත්තක් නැත්නම් හෝ ඔබේ අවධානය ලබා ගන්න උත්සහ කරන්නේ කලාතුරකින් නම් කියන්න පෙළබෙන්න පුලුවන් කෙනෙක් ඒ දරුවා තමන්ගේ ස්වාධීනත්වය පෙන්වන විදිහ කියලා... කොහොම නමුත් හැම දරුවෙක්ටම තමන්ගෙම වෙලාවක් අවශ්‍ය වුනාට දරුවෙක් ඉගෙන ගන්න ඕන කොහොමද තමන්ට කරගන්න බැරි දෙයක් වෙන කෙනෙක් එක්ක සුහදව එකතු වෙලා කරගන්නේ කියන කාරණය.  මෙන්න මේ වගේ වෙලාවල් වලදි දරුවට බාධාවක් නොවන විදිහට කොහොමද ඔබ  දරුවත් එක්ක ගනුදෙනු කරන්නේ කියන එක තමයි මේ කියන්නේ..

අපි හිතමු දරුවෙක් තනියම රූපවාහිනිය නරඹනවා කියලා.. ඔබට පුලුවන් දරුවට බාධාවක් නොවෙන්න පැත්තකින් ඉඳගෙන ඉන්න..වෙලාවක් එවී දරුවත් ඔබත් එකතු වෙන ඉබේම. ඉබේම දරුවා වටහාගනීවි තනියම ඉන්නවට වඩා කොයි තරම් සතුටක් ද කියන එක තවත් කෙනෙක් එක්ක තමන්ගේ අදහස් හුවමාරු කර ගන්න එක.. මෙන්න මේ සතුට දරුවට හොඳට දැනුනට පස්සේ උත්සහ කරන්න ඔබේ දරුවගේ වයසට අඳාලව ඔබ එදිනෙදා කරන වැඩ දරුවත් සමඟ කරන්න. උදාහරණයකට අවුරුදු 3ක දරුවෙක් එක්ක ඔබට පුලුවන් කඩේ ගිහින් ඇවිත් ගෙනාපු දේවල් නිසි තැන් වල අසුරන්න දරුවත් හවුල් කරගන්න. නිර්මාණශිලී කෙනෙක් නම් ඔබ මේ හොඳම වෙලාවක් සතුට පිරුනු ප්‍රිතීමත් පරිසරයක් දරුවත් ඔබත් වටා හදාගන්න.


The "Mover" Role -  සෙමින් පියවර තබන්නාගේ චරිතය

ඈත අතීතයේ ඉඳලා අද වෙනතුරු මිනිසුන්ගේ ජීවන රටාවන් අධ්‍යයනය කරන්නේකුට පැහැදිලිව පෙනෙන දෙයක් නම් අද වන විට ජීවිතය යනු ඔරලෝසු කටුවත් සමඟ කරන තරඟයක් බව.. හැමදෙනාම නෙමේ, බහුතරයක්.. එවැනි තරඟකාරී ජීවන රටාවක් බිහි වුයේ කෙසේද කියා පසුවට කතා කරමු. දැන් බලමු මේ චරිතය මොකක්ද කරන්නේ කියලා අපිට.

ඔබ උදෑසන අවදි වු වු තැන පටන් රෑ නින්දට යන තුරු  කරන්න තියන වැඩ සහ ඔරලෝසුව අතර ගැටුම අවම කරගන්න තමයි මේ කියන්නේ ඔබේ දරුවන් වයසින් වැඩෙද්දි.. ඇයි එහෙම කියන්නේ.. ඇයි සෙමින් වැඩ කරන්න කියන්නේ... ඔබේ දරුවන් ඔබෙන් යමක් ඉගෙන ගන්නේ ඒ දරුවට වැටහෙන සීමාවේ ඔබ හැසිරුනොත් විතරයි.. ඔබ දරුවන්ගේ සීමාව අවබෝධ කර නොගෙන වැඩ කරන්නේ ඔබේ ඔරලෝසුවට අනූව විතරක් නම් හැමදාම ඔබේ ජීවිතය කාලයත් සමඟ කරන තරඟයක් පමණක් වේවී..

පුලුවන් නම් විනාඩි 5ක් වැඩිපුර වෙන් කරන්න ඔබේ දරුවන්ට අවධානය දෙන්න ලොකු වෙනසක් ඔබෙත් දරුවන්ගෙත් ජීවන රටාවේ ඇති කරගන්න හැකි වේවී වෙහෙස අඩු කරගෙන සැහැල්ලුවෙන් හිනා වෙලා ජීවිතයට මුහුණ දෙන්න.. ඉතින් හොයාගන්න ඔබේ මනසේ ඉන්න තරඟකාරී මිනිසාට පොඩි විරාමයක් දීලා සෙමින් වැඩ කරන චරිතයට රඟපාන්න ඉඩ හදලා දෙන්න වෙලාව.


The "Partner" Role - සහකරුගෙ චරිතය


මේ චරිතය රඟපාන වෙලාවට ඔබේ කතාවන් සහ ක්‍රියාවන් අඩුවෙනුත් දරුවගේ කතාවන් සහ ක්‍රියාවන් වැඩියෙනුත් කරන්න අවස්ථාවක් ඔබේ දරුවට දෙන්න පුලුවන් නම් ඔබව හසුරවන්න හරියට නායකයෙක් වගේ ඔබේ දරුවා බොහොම කැමැත්තෙන් ඔබත් එක්ක විවිධ දේ ගැන කතා කරන්න පෙළඹේවී. මෙතනදි ඔබ දරුවට ඉගැන්වීමක් කරනවා වෙනුවට දරුවට සවන් දෙන්න හැකි නම් කාලයත් එක්ක බොහොම ශක්තිමත් නොබිඳිය හැකි විනිවිද පෙනෙන සන්නිවේදනයක් ගොඩනැඟෙවි ඔබත් දරුවත් අතර.. එයින් වැඩි දියුණු වෙන්නේ දරුවගේ සන්නිවේදන හැකියාව පමණක් නොවේ.. ඔබෙත් බොහෝ දුර්වලකම් හදාගන්න කදිම අවස්ථාවක් සන්නිවේදන හැකියා වල, මොකද වැරදුනා කියලා  කිසිම වෙලාවක  සදහටම තරහ වෙන කෙනෙක් නෙමේ දරුවෙක්ගේ නම්‍යශීලී මොළය..


The "Cheerleader" Role - අගය කරන්නාගේ චරිතය

මේ චරිතය හරිම ලේසියි.. කරන්න තියන්නේ පුලුවන් තරම් අගය කරන එක... වැරදි අඩුපාඩු  කියන්න අපහාස උපහාස  වගේම අනවශ්‍ය විදිහට හාස්‍යයට ලක් කරන්න කෙනෙක්ව පහත් කරලා කතා කරන්න  තරම් අගය කරන්න වචන නැති  අයට නම් මේ චරිතය රඟපාන්න අමාරු වෙයි ගොඩක්...අපි හිතමු දරුවෙක් තනියම කෝප්පයකින් පළමුවරට කිරි බිව්වා කියලා.. ඉතින් ඔබේ වචන වලින් හැසිරීමෙන් ඔබට පුලුවන් නම් දරුවට පෙන්වන්න ඔබේ සතුට ඔබ දරුවව අගය කරන තරම හිතට දැනෙන්න පෙන්වන්න පුලුවන් නම් ඊලඟ පාර ඊටත් වඩා ටිකක් වැඩියෙන් බොන්න දරුවා පෙළබේවි වැඩිය කැමති නැති වුනත්...


ජීවත් වීම කියන්නේ කලාවක්.. මේ කලාව ඇතුලේ වැඩියෙන්ම කරන්න තියන්නේ රඟපාන එක තමන් එක්ක ඉන්න අනිත් කෙනාව සතුටින් තියන්න වගේම තමන්වත් සතුටින් තියාගන්න. එතුලින් එකිනෙකා ගැන ලබා ගන්න නිවැරදි අවබෝධය පාර කියාවි සාර්ථක තෘප්තිමත් දිවියකට. කෙනෙක්ගේ හිත කියන්නේ සතුටින් තියන තරමට දේදුන්නක් වගේ පාට පාට හරි පුදුම දේවල් මවන්න පුලුවන් මෙවලමක්.. ඉතින් ඔබේ දරුවගේ මේ හිත කියන අරුම පුදුම මෙවලම සතුටින් තියන්න ඔබේ කාලය වෙන් කරගෙන මේ චරිත පහ රඟපාන්න පුලුවන් නම් ඔබ අවට පරිසරය දෙව්ලොවක සිරිය ගනීවි ජීවිතය පණ පිටින් විඳිය හැකි වෙන...


කිසිම වෙලාවක ඔබේත් දරුවගෙත් හිත් පණ පිටින් මරලා දාන්න අවස්ථාවන් වලට උඩට එන්න දෙන්න නොදී පාලනය කරගැනීම වැඩිහිටි ඔබේ වගකීමක් බව හොඳට මතක තියාගෙන ගත කරන්න ඔබේ කාලය දරුවන් සමඟ. දරුවන් සමඟ විතරක් නෙමේ ඔබත් ඔබ අවට ඉන්න ඕනම කෙනෙක් එක්ක මේ චරිත පහ තැනට සුදුසු විදිහට රඟපාන්න ඔබට තියන හැකියාව මත ඔබේ ජීවිතය සැනසිල්ලේ ගත කරන්න වාසනාව ලැබේවී.. හැබැයි ඔබ අවට පරිසරය එහි ඉන්න අයව හරිම පරිස්සමින් තෝරා බේරා ගන්න මතක තියාගන්න.

Monday, February 13, 2017

නව අඩවි දෙකයි.

මගේ ඔබගේ බ්ලොග් කියවනයට නව අඩවි දෙකක් හදුන්වා දෙනු ලබනවා දැන්.

පම්පර පම්පර පෑන්....

පළමුව

විභීෂණ අඩවිය - www.vibheeshana2.blogspot.com

උන්මන්තක - http://unmanthaka.blogspot.com/

Monday, February 6, 2017

කණ්ඩගෙ කොලම

ඉස්සෙල්ලම මෙතනට යන්න > > https://kandascolumnblog.wordpress.com/


එකෝමත් එක ගැලන්ට් එකක් සහ යුද්ධයක් ! ඕං ඉතින් ඉස්සෙලාම කණ්ඩා හාමිනේවත් කුදලාගෙන ගැලන්ට් එක බලන්න ගිය කතාව ලියුව නිසා අද එකේ ඉතිරි ඩිංගත් ලියල ඉවරයක් කරන්න හිතුන. අනික අලුත් අවුරුද්දකුත් ආපු එකේ අර මක්කටැයි පරණ ඇරියස් තියාගෙන ඉන්නේ ??? පහුගිය සතියේ අර කාන්තාරෙ අස්සේ ගියපු වෙලේ තමයි මගේ පැරණි සගයව ආපහු සිහියට ආවේ, කොහොම අමතක කරන්නද ඒ කතන්දර 🙂 ඕනෑම දෙයක් සල්ලි දීල ගන්නකොට අතේ තියන අන්තිම සතේත් එතැනට හිර කරන එක කොහෙත්ම නුවණක්කාර වැඩක් නෙමෙයිනේ. එනිසා හාමිනේ එක්කත් සාකච්චා කරලා ** අන්තිමට තීරණයක් ගත්ත අතේ සල්ලි බාගේ තරමක් තිබුණත් ඒක හින්දව ගන්නවට වඩා බැංකු ණය මුදලක් මත වාහනය අර ගන්න එක තමයි හොඳම විකල්පය කියල ! **ඒ කියන්නේ හාමිනේ කිව්වා මම අහගෙන හිටිය, එහෙම නොවුන සමහර දාට මුලින් යුද්ධ කරලා පහුවෙලා සාම සාකච්චා කරනවා. වෙලාව තියන විදිහට වැඩේට මුල් වෙච්ච දේ ගැනත් කතා කරනවා තමයි 🙂 ** ඕනෑම වැඩක් පටන් ගන්න කලින් දොස්තර හොඳහිත කාටූන් එකේ ඉන්න චව් ! චව් ! වගේ පස්ස ගහන හාමිනේත් කැමති වෙච්චි, දැන් ඉතින් තියෙන්නේ වාහනය විකුණන හාදයටයි එයාගේ හාමිනේටයි කතා කරලා කැමැත්ත දෙන්න තමයි. අනික ඉතින් කවමදාවත් නැතිව හාමිනේත් හා හාපුරා කියල කැමැති උන හන්ද වැඩේ පහු කරන එකේ කිසිම තේරුමකුත් නැහැ නොවැ ! මේ වෙනකොට කණ්ඩගේ වගේම හාමිනේගෙත් රැකියාව ස්ථිර වෙලා, දෙන්නම උදේ දවල් නොබලා සුපිරි කොම්පැණියට නැහීගෙන කඹුරපු එක තමයි කරේ. අවුරුද්දට කිහිප වතාවක් ඇෆ්ගනිස්තානයට පියෑඹුව උනත් දෙන්නටම වෙනත් පැති වලින් කිසි කරදරයක් තිබුනෙත් නැහැ.(ඇෆ්ගනිස්තානේ ගමන් ගැන වැඩි විස්තර මෙතනින්) කොටින්ම නාහෙට අහන්නේ නැති “බින් ලාදින්” ගොයියටයි, එක පස්සේ අසිහියෙන් එලවපු සල්ලිකාර යැංකියන්ටයි, යැංකියන්ගෙන් සල්ලි ගරපු සුපිරි කොම්පැණියටයි පින්සිද්ද වෙන්න කණ්ඩගේ අතේත් යහමින් සල්ලිය බාගේ ගැවසෙන්න පටන් ගත්ත 🙂 🙂 🙂 ** **යැංකියන්ගෙන්ම උදව් උපකාර, ආයුධ අරන් යැංකියන්ටම ගහල කොකා පෙන්නපු, අපිට හත් අවුරුද්දක් තිස්සේ කන්න බොන්න දියුණු වෙන්න සලස්වපු දයාබර “බින් ලාදින්” අයියේ … ඔයා මොන දිවය ලෝකේ හිටියත් මළ ගිය වීරයෙක් විදිහට දෙවියෝ දීපු කන්‍යාවියන් 72ත් සමග ඉන්නා තැනක සැපෙන් සනීපෙන් ඉන්න කියල ප්‍රාර්ථනා කරනවා ! 🙂 ** අර කම්මැලියො ගාව ඒ අයටම විශේෂ වෙච්චි ආප්තෝපදේශයක් තියනවනේ “අද කරන්න තියන වැඩේ හෙටම කරන්න” කියල, ඉතිං ඔය නැව් පුරවල පඬි ටෝක් දුන්නත් තමන්ගේ වැඩ වලට කණ්ඩත් ටිකක් විතර ඔහොම තමයි 🙂 ඒක හන්ද අන්තිමට කල් ඇරලා .. ඇරලා .. රාහු කාලේ එහෙම මග ඇරලා ** (අනේ මං බලන බම්බුව රාහු !) ඔන්න ඉතින් කණ්ඩා වාහනේ අයිතිකාරයට කතා කෙරුව. ** හාමිනේගේ අම්මාට අනුව නම් අනුන්ගේ වැඩ වලට බකට් අදින එක ඇරෙන්නට රාහුවාට වෙන වැඩක් නැත්තේය ** මේ අයිතිකාරය කණ්ඩගේ ඔපීසියේ මිතුරෙක් හොඳින් දන්නා කියන හාදයෙක් නිසා ගණන් මිමි කතා කර ගන්න නම් කිසිම අපහසුවක් උනේ නම් නැහැ … පොඩි කරදරයකට තිබුනේ මේ උදවිය ගෙවීමේ ක්‍රමයට අරගෙන තිබුණු වාහනය අපේ නමට හරවාගෙන ඉතිරි ණය ගෙවීම කරගෙන යන්න විවිධාකාර ලියුම් කියුම් අවශ්‍ය වීම තමයි. නමුත් අපේ වාසනාවට අතින් කිසිඳු අමතර මුදලක් ගෙවන්නේ නැතුව ඉතිරි ණය මුදලට පමණක් වාහනය ලබා දීමට අයිතිකාරයා එකඟ උනා … තේකක් බොන්න යන දිරමත් ඉතිරි කරන්න හදන අල්ලපු රටේ උදවියත් එක්ක, මේ හාදය ඇත්තටම වෙන රටක ගොයියෙක්ද කියල මට සැකයකුත් ආව එතැනදී නම් 🙂 ** ** ඕනෑම දෙයක් හිතා ගන්න බැරි තරමට හොඳ වැඩියි නම් (Too Good To be True) ඒ වගේ දේවල් වලින් පරිස්සම් වෙන්න ඕන, එක දැන ගත්තෙ පස්සේ 🙂 ** ඒ මදිවට අපි වාහනය බලන්න ගිහින් ආවට පස්සේ ගත වුන සති දෙක තුන අතරතුර අයිතිකාරයා තවත් ණය වාරිකයක් ගෙවල, ඉතින් වාහනය අපේ නමට හරවද්දී මුලින් ඉදිරිපත් කරපු ගානටත් අඩුවෙන් තමයි ගෙවන්න වෙන්නේ. කණ්ඩාට මේ වගේ පොට්ට චාන්ස් හම්බ වෙනවා නම් බොහොම හොරයි, වෙනදට නම් ඉතිං හිතුවටත් වඩා අතින් ගෙවන්න වෙන ඒක තමයි සිද්ද වෙන්නෙ … 🙂 🙂 වාහනේ විකුණන්න එකඟ උනාට මිනිහයි මිනිහගේ මායියයි මෙලෝ සිහියක් නැතුව එහෙ මෙහෙ දුවනවා … මොකද රට අත ඇරලා යන්නනේ ලැහැස්තිය. වාහනේ විස්තර කතාබහ කරනකොට තමයි දැන ගන්න හම්බ උනේ මේ උදවිය වාහනෙන් ඕමාන් හිටං හතර පස් පාරක් ගොහින් තියනව කියල, එක ඇහුවම මට තවත් සතුටුයි මොකෝ දුර ගමන් වලට උනත් කරදරයක් නැති නිසා. ගණන් මිමි කතා කරලා හිටං ඉවර උනාට පස්සේ මේ හාදයගෙන් කණ්ඩා නිකමට වගේ ඇහුව කොහොමද අලුත් රටට යන්න කරන්න ලැහැස්තිය කියල … ඕප දූප විදිහට එහෙම නෙමෙයි මනුස්සකමට 🙂 මෙන්නේ බොලේ ඒ ගමන මේ මනුස්සය මළ අදෝනාවක් පටන් ගත්ත කියපල්ලකෝ … 😦 වැඩ කරන තැන් වල නිවාඩු ගන්න තියන කරදරයි … ළමයින්ගේ ඉස්කෝල වල සහතික ගන්න යන්න තියන කරදරයි … නෝනගේ සාප්පු සවාරියි … ගෙදර බඩු කුණු කොල්ලයට විකුණපු හැටියි … ලෙඩ කෝටියයි …. ! මිනිස්සු කන් කෙඳිරි ගානවා අහන්න අකමැති උනත්, කවුරු උනත් දුක කියනකොට අපෙත් හිත උණු වෙනවනේ. ඒ හන්ද කණ්ඩත් දුක් ගන්නා රාළ වගේ කරපු මෝඩකම මෙනෙහි කරමින් බොහොඬ වහේ ඔලුව වනන ගමන් සැරින් සැරේ හූ මිටි තිය තියා කියාපු එව්වා ඔක්කොම අහන් හිටිය ! මේ හාදයා අල්ලපු රටේ ගෝවේ පැත්තේ කිව්වට මෙහෙම අඬනවා දැක්කම මට නම් හිතුනේ මේ උදවිය මීගමුවේ පැත්තෙන් ගිහින් ගෝවේ පදිංචි වෙලාද දන්නේ නැහැ කියල … ** ** මොකෝ කණ්ඩ අහල තියන විදිහට මීගමුවේ ඉන්නවලු අඬන්න කප් ගහපු සහ ඇඬිම වෘත්තිය කර ගත්තු උදවිය … අදාලම නැති උනාට මං අහන්නේ යශෝධා විමලධර්මත් මිගමුවෙද ? නෑ නක්කලේට නෙමෙයි දන්නේ නැති හින්ද අහන්නේ ? කණ්ඩ ටෙලි නාට්‍ය බලන එක නැවැත්තුවේ එදවස් වල රූප පෙට්ටිය ඇරපු ගමන් යශෝධා හොටු හූර හූර අඬනවා බලන්න බැරි හන්ද 🙂 සමහරුන්ට නම් මෙව්වට හිත වාවන්නෙම නැහැනේ … කණ්ඩට නම් මේවා බලාල වෙලාවකට හිනා වෙලා ඉළ ඇදෙනවා අනිත් වෙලාවට බඩ දඟලනවා … සන්තෝසේ බැරුවා ! ** ඔය මොනවා කිව්වත් මේ මනුස්සයගේ ඇඬිල්ල අහල කණ්ඩගේත් හිත හොඳටෝම උණු උනා. ** හැබැයි ඒවාට පස්සේ යහමින් ගෙවන්න සිද්ධ උනා … 🙂 ** ඔන්න දැන් වාහනේ ණය මුදල හරවාගෙන කණ්ඩා හාමිනේ නමට ලියාපදිංචි කරන්න විතරයි ඉතිරි වෙලා තියෙන්නේ … අපි දෙන්නගේ වාසනාවට වගේ මේ අයිතිකාර හාදය වාහනේ ණය මුදල අරගෙන තිබුනෙත් කණ්ඩා ගනුදෙනු කරපු බැංකුවෙන්ම තමයි … මේ හේතුවෙන් බොහොමයක් ලියකියවිලි වගේම වැඩකටයුතු වලට යන කාල වෙලාවත් අපට ඉතිරි වෙච්චි එක ඒ වෙලාවේ හැටියට සෑහෙන්න වටිනා දෙයක්. කොයි දීපංකරේ ගියත් රස්තියාදුව කියන එක නම් කණ්ඩාට දිරවන්නෙම නැති මාතෘකාවක් … අනික සමහර බැංකු වලට ණයක් ගන්න ගියහම ඒ උන්දැල හිතාගෙන ඉන්නෙ හැමෝම ඒ ගොල්ලන්ගෙ බුදලේට හම්බුවෙච්ච සල්ලි හිඟන්න ඇවිත් කියලනේ … නමුත් අපි බැංකුවට ගියහම මේ සම්බන්දව කටයුතු කරන්න හිටියේ ජැන්ඩි පහට හැඳ පැළඳ තද නිල්පාට තලප්පාවක් පිළිවෙලට බැඳ ගත්තු ගාම්භීර ජටිල මහත්තයෙක් (සීක් ජාතිකයෙක් – Sikh) ! හොඳ උස මහත ප්‍රිය මනාප හාදයෙක් වෙච්ච මේ මනුස්සය අපිව රස්තියාදු නොකර වැඩේ හරියටම කෙරෙන විදිහ කියල දුන්න විතරක් නෙමෙයි වාහනයට රක්ෂණයක් ගැනීමටත් උදවු කරා … එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අලුතින් රියදුරු බලපත්‍ර ගන්නා උදවියට වාහන රක්ෂණාවරණයක් මිලදී ගැනීමේදී සාමාන්‍ය අගයට වැඩි මුදලක් ගෙවන්න වෙන එක බොහොම සුලභව සිදු වෙන දෙයක්. අඩුම තරමේ අවුරුද්දක්වත් රියදුරු බලපත්‍රය පැරණි නම් මේ වගේ ගැටළුවක් නැහැ. මේ කතන්දරය රක්ෂණ ආයතනය මත තීරණය වෙන දෙයකුත් නොවෙයි, ඒ හන්ද මැද පෙර දිග කලාපය පුරා විතරක්ම පවතින දෙයක්ද මන්දා ? ඒ ගැන හරියටම නිච්චියක් අදටත් කණ්ඩාට නැහැ ! කණ්ඩා හාමිනේට අවුරුදු දහය පහළොවක් තිස්සේ සිරි ලංකාවේ වාහන ආම්බාන් කරලා පළපුරුද්ද තිබුණත් අරාබිකරයේ රියදුරු බලපත්‍රය අලුත් නිසා මේ ආකාරයටම වැඩි මුදලක් ගෙවන්නට සිද්ද උනා. මැද පෙරදිග පුරා තියන දියුණු මාර්ග, බොහොම පහසුවෙන් ලබා ගත හැකි කඟවෙනුන් වගේ නවීන වාහනත් එක්ක නොසැලකිලිමත් රියදුරන් එකතුවෙනකොට ඇතිවෙන අතුරුපල බොහොම දරුණුයි ! ගොල්ෆ් GTI (Golf GTI) වගේ කාර් බාගයක් එහෙමත් නැත්නම් හැච් බැක් (Hatch Back) එකකට ලොකු ආසාවක් තිබුණත් ඩිකිය දිග එකක් ගත්තේ වැඩි ආරක්ෂාවට. ඕනෑම වාහනයක ඩිකිය සහ බොනට් එක හොඳට තියෙන්න ඕන කියල හැමෝම දන්නා දෙයක්නේ 🙂 🙂 🙂 තමන්ගේ පරිස්සම ගැන හිතන උදවිය ඔටුවගේ රටේ අනිත් හැම දේම වගේ රක්ෂණාවරණයක් ගන්නකොටත්, හොඳම එක ගන්න තමයි කැමැත්ත. ආයේ ඉතිං Go Big or Go Home, තමන්ගේ පණටයි වාහනේටයි ආදරේ නැත්තෙ කවුද ??? ඉතින් අපි දෙන්නත් රක්ෂණාවරණයේ වියදම සැර උනාට ගන්න පුළුං උපරිම හොඳ මට්ටමේ එකක් අර ගන්න තිරණය කළේ අරාබිකරයේ ඉන්න නාහෙට අහන්නේ නැති සම – හරක් එවුන් ගැන හිතලමයි ! ඔන්න ඉතින් කොහොම කොහොමෙන් හරි පැයක් හමාරක් ඇතුළත බැංකුවේ එහෙට මෙහෙට දුවල ණය මුදලේ වැඩේ අහවර කරගෙන ජටිල මහත්තයටත් කට පිරෙන්න ස්තුතිය කරලා අපි බැංකුවෙන් එලියට බැස්ස … දැන් ඉතිරි වෙලා තියෙන්නේ වාහනේ ලියාපදිංචි කරන එක විතරයි, එකට ඉතින් වාහනය ළඟ තියෙන්න එපාය … මම ආපහු වාහනේ අයිතිකාර හාදයට කතා කරා. මේ මනුස්සය ආයෙත් ඉතින් අර කලින් කරපු දුක් ගැනවිල්ල ඒ විදිහටම ඉදිරිපත් කළා … ඉතිං මේ ඇඬිල්ල අහල හිත උණු වෙච්ච් පාර කණ්ඩ කිව්වා කමක් නැහැ වාහනය අරගත්තට පස්සේ ඔය උදවිය රටින් යනකල් දවස් දෙක තුනක් පාවිච්චි කරන්න කියල. ඉතින් ඉබ්බා හදනකොට ඇන්නෑවේ කිව්වලු … මේං ඒ පාර මේ මනුස්සයගේ ඇඬිල්ලත් ඉවරයි කුණු කුණු ගාන එකත් ඉවරයි … ඒ කියන්නේ මේ යකාගේ ඇඬිල්ල කිව්වට මේක ඇත්තටම ඇන්දිල්ලක් ! වැඩේ සාර්ථකයි ! කණ්ඩත් අඩුවක් නැතිවම දික් කරන පරක්කුවෙන් ඇඳගත්ත කියල තේරෙනකොට පරක්කු වැඩියි ! දැන් ගිහින් මේ කයි කතන්දර හාමිනේට තේරුම් බේරුම් කරලා දීපල්ලකො අහන පුරස්න වලට උත්තර … 😦 ** ** හාමිනේ නම් ඉතින් ඔය ඔලමොට්ටල වැඩ වලට තරහ ගිය වෙලාවට කියන්නේ කණ්ඩ ඉපදිලා තියෙන්නේ කොලොම්පුරේ නෙමෙයි තුම්පනේ කියාල … අනේ මන්ද ඕව හිටං අහන්න ඕනේ හාමිනේගෙන්ම තමයි. තුම්පනේ තියෙන්නේ කොහෙද කියලවත් උන්දැ දන්නවද ? 🙂 ** හැබැයි මේ කතාන්දරයේදි නම් කණ්ඩා හාමිනේත් වැඩිය මොකුත් කිව්වේ නැත්තේ මේ අයිතිකාර යුවලට දරු මල්ලොත් හිටපු හින්ද වෙන්න ඇති. තරහ ගිය වෙලාවට ඔය මොනවා කිව්වත්, කොච්චර සත්තං දැම්මත් උන්දැගේ හිතත් හරි ඉක්මනට උණු වෙනවා, මේක ඔයින් ගියා මදැයි ! ඔන්න ඉතින් වාහනයේ අයිතිය අපිට ලැබුණට පස්සෙත් අපේ මනුස්ස කමට මේ ජෝඩුවට වාහනය දවස් කිහිපයක්ම දුන්නයි කියමුකෝ …කණ්ඩයි හාමිනෙයි ඇඟිලි ගනිනවා වාහනේ හම්බ වෙනකං ! ඔන්න ඉතින් අන්තිමට ජුලි මාසේ එක්තරා දවසක පෙරුම් පුරාගෙන හිටිය වාහනේ ලැබෙන දවස ආව … කණ්ඩ අයිතිකාර හාදයට දුරකථන ඇමතුමක් දුන්න වාහනය ගෙනත් දෙන්න කියල මතක් කරන්නයි, අරන් එන්න ඕන තැන කියන්නයි. මේ ගොයිය හිටියේ ඩුබායි වල උනත් ඒ අල්ලපු වත්තවගේ වැඩි දුරක් නැහැ, සාජා වල අපි හිටපු පළාතට විනාඩි 10 ක් යයි වැඩිම උනොත් යන්න එන්න … දැන් අර නහයෙන් ඇඩීම හොඳටම හොඳයි, ඒ මදිවට මෙන්න ඒ ගමන මේ යකා බබා පාට් දාන්න ගත්ත … වැඩ වැඩියිලු … සාජා පාරවල් දන්නේ නැතිලු … ඕං ඔය විදිහට පටන් අරගෙන අන්තිමට මේ *** අහනවා ඇවිත් වාහනය අරන් යන්න බැරිද කියල ??? නැති නම් තව දවස් දෙකකින් වාහනේ ගෙදරටම ගෙනහල්ලම දෙන්නම්ලු … මේ යකා මේ දත කන්නේ තවත් දවස් දෙකක් වාහනය තියා ගන්න, මේ කතන්දරය මිනිහෙක් විදිහට කෙළින්ම මගෙන් ඇහුව නම් මම බොහෝ දුරට කැමති වෙන්නත් ඉඩ තිබුණ. නමුත් එහෙම නැතුව වටින් ගොඩින් ගියපු විදිහ මට ඇල්ලුවේම නැහැ ! මිනිහට තව කියවන්න ඉඩ නොදී කණ්ඩ ෆෝන් එක කට් කරලා දාල, සතාගේ තරම සහ සුද්දෙන්ම තේරුම් ගත්ත හන්ද කණ්ඩත් තීරණය කරා ඒ වෙලාවෙම හාමිනේවත් කුදලාගෙන ගොහින් වාහනය අරන් එනවා කියල. මේවට තමයි කියන්නේ වඳින්න ගිය දේවාලේ ඉහේ කඩා වැටෙනවා කියන්නේ ! පේනවනේ ඕනෑවට වඩා මිනිස්සු විශ්වාස කරහම වෙන දේවල් … මම නං කියන්නේ සතෙක් සරුපයෙක් විශ්වාස කලත් මනුස්සයෙක්ව නං එහෙම විශ්වාස කරන්න එපා කියල තමයි 🙂 ඒ වෙනකොට සෑහෙන්න රෑ වෙලා තිබුණත් හාමිනේට කිව්ව ගමන් උන්දැටත් අසූ හාරදහටම නැග්ග පාර කඩිමුඩියේම දෙන්න දෙමහල්ලෝ ලැහැස්ති වෙලා බැස්ස එලියට. ඔන්න ඉතින් අපි වාහනය ගන්න අයිතිකාරයගේ ගෙදරට ගියා … මිනිහ නයා මැරිච්ච අහිකුණ්ටකය වගේ ඇවිල්ල අපිට යතුරයි තිබුණු අනිත් ලියකියවිලියි භාර දුන්න. කොච්චර උනත් වාහනය විකුණනවට මෑන්ට හෙන දුකයි, හරි සිරියාවන්ත වාහනේලු … හොඳින් බලාගන්නලු … මම ඉතින් හැම දේටම හූ මිටි තිව්ව විතරයි. මේ යකාව කන්න කේන්තියෙන් හිටියත් අර අඬන්න ඉන්න මනුස්සයට ඇඟිල්ලෙන් අනින එක නොහොබිනාකමක් නිසා කණ්ඩවත් හාමිනේවත් මේ මනුස්සයට වචනෙකින්වත් හිත රිදෙන්න මොකුත් කිව්වේ නැහැ. අන්තිමට අපි ආචාර සමාචාර යෙන් පරණ අයිතිකාරයට සමුදීපු අපි හා හාපුරා කරලා වාහනයට නැග්ග ඕං … ඒ වෙලාවේ අපි දෙන්නටම ඇති වෙච්ච හැඟිම වචනයෙන් විස්තර කරලා නිම කරන්න අමාරුයි ! අපි දෙන්නටය කියල අපේ දහදිය මහන්සියෙන් හම්බු කරලා අර ගත්තු පළමුවෙනි වාහනය තමයි මේ … 🙂 🙂 🙂 කාටද ආඩම්බර, මොකෝ අපිට කියල පරම්පරාවෙන් හම්බුවෙලාද ? නැත්තන් අර පිනට වාහන දෙන්න පංචායුධ බාප්පිල වගේ උදවිය ඉන්න එකක් කියලද ??? දැන් ඉතිං වෙනද වගේ ටැක්සි කාරයන්ගේ උඬගුකම්, ගෑස් බලන්න ඕන නැහැ … රූන් ගාල ඉගිල්ලිලා යන්න විතරයි තියෙන්නේ 🙂 🙂 🙂 ඒ එක්කම මට මතක් උනේ තාත්තවයි අම්මවයි, ඒ දෙන්නම ගෙදරට වාහනයක් ගන්න හුඟක් ආසාවෙන් හිටපු බව මම දැනගෙන හිටිය, ඒ අයත් හිටිය නම් කොච්චර සතුටු වෙයිද ? තාත්තට තිබුණු වගකීම් එක්ක වාහනයක් ගන්න එක ඒ දවස් වල හීනයක් වෙලා තිබ්බේ, ගෙදර තිබුණු CD – 90 යි පස්සේ එකතු වෙච්චි CM – 125 එකයි තමා අපි එක්ක දුකට සැපට දෙකටම හිටියේ 🙂 අනික ඒ දවස් වල කොහොමත් ගමේ ආච්චි අම්ම කියල තිබ්බ වාහනේකට යට කරන කරන සල්ලි වලින් ගමේ වැඩට ටැක්ටරයක් හරි ලොරි බාගයක් හරි ගන්න කියල, බයිසිකලේ යනවා වගේ ද ටැක්ටරේක නැගල යන එක 🙂 ඔයිං මෙයිං කණ්ඩා වත් දාගෙන පොඩ්ඩක් කලබලෙන් උනත් හාමිනේ කරදරයක් නැතිව ගෙදර එන්න පිටත් උනා … අර මනුස්සය අපි නොපෙනී යනකම්ම වාහනේ දිහා බලාගෙන ඉන්නවා මම කන්ණාඩියෙන් දැක්ක … ඔන්න අපි පාරට වාහනේ දාගත්ත කියමුකෝ දැන් කණ්ඩා තමයි මාර්ග උපදේශක, මාතලී ඇවිල්ල හාමිනේ, මොකෝ ලයිසම තියෙන්නේ හාමිනේට විතරක් හන්ද … 🙂 අවුරුදු ගානක් දකුණෙන් වාහන එලවන්න පුරුදු වෙලා මහා රෑ පළමුවෙනි පාරට තමන්ගේම වාහනයක් තනිවම වමෙන් පදිනවා කියන්නේ ටිකක් විතර හිත ගැස්සෙන වෙනස්ම අත්දැකීමක් … ඉස්සරහට එන වාහන වලට වීදුරුව පහත් කරලා බනින්න හිතෙනවා … පාරේ වැරදි පැත්තෙන් එන්නේ තමුසෙට පිස්සුද ඕයි කියල !!!

ඉතිරිය > > 

Wednesday, December 21, 2016

මමියේ ශාපය

 ගොඩවෙලා බලන්න තරිදුගේ ලෝකෙට - https://tharindugelokaya.blogspot.com

අද මම ලියන්න කල්පනා කලේ මම මීට කලින් ටයිටැනික් ගැන ලියපු ලිපිය සම්බන්ධ අතුරු ලිපියක් . මේ ලිපියෙදි මම විස්තර කරන්න බලාපොරොත්තු වෙන්නෙ ටයිටැනික් නැවේ විනාශයට හේතු වුන බවට සැලකෙන ශාපලත් මමියක් ගැන. මේ කතාව 100% ඇත්ත කියලනම් කියන්න බෑ.නමුත් මේ කතාවත් නොසලකා හරින්න බැරි කතාවක්.
      ක්‍රිස්තු පූර්ව 1500 දී පමණ ඡීවත් වූ ආමෙන් රා කුමරිය මියගිය පසු එකල ඊඡිප්තු වැසියන්  ඇගේ දේහය අති විශේෂ ලී වලින් තැනූ මිනී පෙට්ටියක දමා නයිල් නදීයේ ඉවුරක් තුළ මිහිදන් කලා.එදායින් පසු නැවතත් ඇය ගැන කතාකරන්න පටන්ගත්තෙ 1890 වර්ෂයේදීයි.

     
1890 වර්ෂයේ ඊඡිප්තු සංචාරයක් සඳහා ආ ඇමරිකානු කෝටිපති මිතුරන් හතර දෙනෙකුට මෙම මමිය හමුවුණා . ඒ විකිණීම සඳහා දමා තිබියදීයි.  මෙයින් එක මිතුරෙක් පවුම් දහසක් ගෙවා මෙම මමිය මිලදී ගනු ලැබුවා. ඒ තමා විසින් නැවතත් මවු රටට යන විට සිහිවටනයක් ලෙස රැගෙන යන්නයි.
        මෙය තමයි ශාපයේ ආරම්භය. මමිය මිලදී ගත් තරුණ ව්‍යාපාරිකය තමා නතරවී සිටි හෝටලයට එය රැගෙන ගියා. ඉන් පැය කිහිපයකට පසු ඔහුගේ බිරිඳ දැක තිබුනේ ඔහු හෝටලයෙන් පිටවී පයින්ම පාලු කාන්තාරය දෙසට ගමන් කරනවා පමණයි . ඔහු නැවත පැමිණියේ නෑ.ඔහුට සිදුවූ දේ අභිරහසක් වුනා.
        දෙවන ව්‍යාපාරිකයා හට ඊට පසු දින ඔහුගේ ඊඡිප්තු ඡාතික සේවකයා විසින් කිසිදු හේතුවක් රහිතව වෙඩි තබා තිබුනා.. එම වෙඩි පහර නිසා බරපතල තුවාල ලැබූ ඔහුගේ අතක් කපා දැමීමට සිදු වුනා.
           තුන්වන ව්‍යාපාරිකයා නිවස වෙත ගිය විට ඔහුට ආරංචි වූයේ ඔහු එතෙක් කල කල සියලුම බැංකු ආයෝඡන කඩා වැටී ඇති බවයි.ඔහු තවදුරටත් කෝටිපතියෙක් වුනේ නෑ.
              සිවුවැන්නා හට බරපතල රෝගාබාධයක් ඇති වූ අතර කරන ලද රැකියාවද අහිමි වුනා. අවසානයේදී ඔහු දිවි ගැටගසා ගැනීමට මහා මාර්ග අවට ගිනිපෙට්ටි අළෙවි කරන්නෙකු බවට පත් වුනා.
   
ඒ වන විට එංගලන්තය වෙත රැගෙන විත් තිබූ මමිය අඩංගු පෙට්ටිය එංගලන්ත කෝටිපති ව්‍යාපාරිකයෙකු විසින් මිලට ගත්ත. එය මිලදී ගෙන කිහිප දිනක් ගතවීමට මත්තෙන් ව්‍යාපාරිකයාගේ පවුලේ තිදෙනෙක් රිය අනතුරකින් බරපල තුවාළ ලැබුව. , එසේම ව්‍යාපාරිකයාගේ නිවස ගිනිගැනීමකටද ලක් වුනා, තත්වයේ බරපතල කම වටහා ගත් ඔහු මමිය අඩංගු පෙට්ටිය වහාම එංගලන්ත කෞතුකාගාරය වෙත ලබා දුන්නා.
      මෙම මමිය කෞතුකාගාරය වෙත ගෙන යන ලද්දේ ට්‍රක් රථයක් මගින්, මමිය කෞතුකාගාරය වෙත ගෙන ගොස් බෑමට පෙර කිසිදු හේතුවක් නොමැතිව ට්‍රක් රථය පිටුපසට ධාවනය වී තිබෙනවා.. අවසානයේ ට්‍රක් රථයෙන් බා ගන්නා ලද මමිය අඩංගු පෙට්ටිය කෞතුකාගාරය වෙත ගෙන ගියේ සේවකයන් දෙදෙනෙකු විසිනුයි.. කෞතුකාගාරයෙහි පඩිපෙලෙන් එය රැගෙන යාමේදී එක් අයෙකුගේ පය පැටලී ඇඳ වැටුනා. ඔහුගේ පාදය කැඩී ඇති බව පසුව දැනගැනීමට ලැබුනු අතර අනෙක් සේවකයා මෙම සිද්ධියෙන් දින දෙකකට පසුව හදුනාගත නොහැකි රෝගයකින් මිය ගියා.
   
කුමරියගේ මමිය කෞතුකාගාරයේ ඊඡිප්තු අංශයේ තැම්පත් කිරීමත් සමගයි සෑබෑ කරදර ආරම්භ වීමට පටන්ගත්තේ. කෞතුකාගාරයෙහි  රාත්‍රි මුර සංචාරයේ යෙදෙන නිලධාරියා හට සැමදාමත් මමී පෙට්ටිය අසලින් අත්භූත හඩවල් ඇසෙන්නට පටන්ගත්තා .. ඊට ටික දිනකට පසු ඔහුගේ මළ සිරුර මමී පෙට්ටිය අසල තිබී උදෑසන සොයාගනු ලැබුවා. දිනක් කෞතුකාගාරය නැරඹීමට පැමිණි පුද්ගලයෙකු දිනක් මමියේ පෙට්ටියෙහි තින්ත වර්ගයක් ආලේප කලා. ඔහුගේ සියලු දරුවන් සරම්ප සෑදී මිය යාමෙන් ඔහුට එහි වන්දිය ගෙවීමට සිදුවුනා . මේ සිද්ධි ගැන ආරංචි වූ කිසිම කෞතුකාගාර සේවකයෙකු මමිය අසලට පිරිසිදු කිරීම් කටයුතු කිරීමට යෑමට කැමති වූයේ නෑ.. අවසානයේ කෞතුකාගාර බලධාරීන් මමිය අඩංගු පෙට්ටිය කෞතුකාගාරයෙහි බිම් මහල වෙත ගෙනගියා.
     එය පහළට ගෙන ගොස් දිනකට පසුව බිම් මහලේ සේවකයෙක් බරපතල ලෙස අසනීප වුන , ඒ වගේම කෞතුකාගාරයෙහි වැඩ පරීක්ෂකවරයා තම මේසය මතම මිය ගොස් සිටියදී හමු වුනා.
   මෙම සිද්ධිය ගැන ආරංචි වූ මාධ්‍යවේදීයෙක් පැමිණ මමී පෙට්ටියේ  ඡායාරූප ලබා ගත්තේ ඒවා තම පුවත්පතේ පළ කරන අදහසින්. ඔහු විසින් ලබාගත් ඡායාරූප ශුද්ධ කිරීමේදී ඔහු දැක ඇත්තේ මමී පෙට්ටියේ ලබාගත් ඡායාරූපය මත බිහිසුණු අමුනුෂ්‍ය මුහුණක් ඇති බවයි , මෙය දරාගත නොහැකි වූ ඔහු වහාම නිවස වෙත ගොස් කාමරයේ දොර වසාගෙන හිසට වෙඩි තබාගෙන මියයනවා.
      තවදුරටත් මෙය කෞතුකාගාරයෙහි තබා ගැනීම කරදරයක් බව සිතූ බලධාරීන් පෞද්ගලික කෞතුක වස්තු අළෙවි කරන්නෙකුට මෙම මමිය අලෙවි කරනවා.අවාසනාවන්ත මරණ හා ප්‍රශ්න පැමිණීම නිසා එහි අයිතිකරු විසින් මමිය නිවසෙහි අට්ටාලයෙහි තැම්පත් කරනව.
      මේ කාලෙදිම තමයි ලෝකප්‍රසිද්ධ මැඩම් හෙලේනා බ්ලැට්වැස්කි මැතිනිය මේ ප්‍රදේශයේ සංචාරයකට එන්නෙ. මේ ප්‍රදේශයට පැමිණීමත් සමඟ එතුමියව අසාමාන්‍ය ලෙස වෙවුලන්න පටන් ගන්නව.. ඇයට වැටහෙනව අසාමාන්‍ය බලවත් බූතාත්මයක් මෙම ප්‍රදේශයේ  සිටින බව. ඇය ඒ පිළිබඳව සොයමින් ගොස් අවසානයේ නතර වෙන්නෙ අර පුද්ගලයගෙ නිවසේ අට්ටාලයේ තිබුණු මමී පෙට්ටිය අසල. එහි අයිතිකරු එතුමියගෙන් අසනව මෙම ආත්මය පළවා හැරීමට පුළුවන් ද කියල , එතුමිය පවසනව මෙහි පළවා හැරීම කියල දෙයක් නෑ නපුර සදාකල් පවතිනව , පුළුවන් තරම් ඉක්මනින් මෙය ඉවත් කරන්න කියල. මේ කතාව පිළිගන්න අයිතිකරු වහාම මමිය විකිණීමට පුද්ගලයෙක් හොයනව, නමුත් පසුගිය කාලයේ දි සිද්ධ වෙච්ච දේවල් දන්න කිසිදු කෙනෙක් මෙය මිලදී ගන්න කැමති වෙන්නෑ.. අවසානයෙදි ඇමරිකානු ඡාතික පුරාවිද්‍යාඥයෙක්  ඉහළ මිලකට මෙය මිලදී ගැනීමට තීරණය කරනව. ඔහු විසින් මිලදී ගන්නා ලද මමිය ඔහු සමඟ අැමරිකාවේ නිව්යෝර්ක් නගරය බලා රැගෙන යාමට ඔහු  තෝරගන්නෙ white star සමාගමේ නවතම නෞකාව වෙච්ච ටයිටැනික් .
   ඊට පස්සෙ ඉතින් වෙච්ච දේවල් ගැන කියන්න දෙයක් නෑනෙ.. කොහොම වෙතත් මේ සිද්ධිය තහවුරු කරන්න වගේම අසත්‍යයි කියන්නත් එහෙමට සාක්ෂි නෑ. එකළ එංගලන්ත නීති අනුව කෞතුකාගාරයක පවතින වස්තු විකිණීම තහනම්, එමෙන්ම කෞතුක වස්තු ප්‍රවාහනය සපුරා තහනම් දෙයක්, ඒක නිසා මෙම සිද්ධිය ඒ කාලෙ ඉඳලම  රහසක් විදිහට තියාගෙන ඉන්නව කියලත් කතාවක් තියෙනව. ඒ වගේම ටයිටැනික් නැවෙන් ඡීවිත බේරගත්ත ගොඩක් අය කියල තියෙනව නැව ගැටෙන වෙලාවෙ අත්භූත කාන්තාවක් නැව් තට්ටුව උඩ දැක්ක කියල.

(තොරතුරු අන්තර්ඡාලය ඇසුරිණි)

         ඒව කොහොම උනත් දැන් නැවත් නෑ, මමියත් නෑ,  මේක කියවපු කට්ටිය මේක හිතට ගන්නැතුව වතුර ටිකක් බීල රෑට දොයියගන්න , මොකද  හීනෙන් බය වෙන අයට දෙන්න  මම ගාව බෙහෙත් නෑ. තිබ්බ ඒව කලින් හොල්මන් බෝනික්කො ගැන කියවල බයවෙච්ච අයට දීල ඉවර උන.

Tuesday, November 22, 2016

සැලෙන්නේ සිත අවදිවේයැ'යි බියටයි......

මේ දුකම කොයිතරම් මිහිරක්ද හිතවතිය... වෑයමෙන් පපුතුරේ සඟවගත් ආදරය විළිබරව වේදනා විඳිද්දී සිහිනයෙන් සිහිනයට මගේ නෙතු පියන් මත නුඹ ඇවිත් තරු රටා මවද්දී බිම වැටුන මල් පෙත්ත මතවුවත් කවි සිංදු සිය ගණන් ලියන්නට හිතෙද්දී වේදනා නොවිඳින්න නුඹ දිනක ඔය හිතත් රැගෙන යන බව මමත් දනිද්දී දැනගනත් හැමදේම නොදන්නා සේ නුඹත් මා එක්ක වල් පල්ම කියද්දී නොදැනේවියැ'යි සිතා සඟවගන වෑයමෙන් නුඹ එක්ක වල්පල්ම ගොතද්දී ඉපිදගත නොහැකි පෙම ආත්මය ඉරාගන හදවතේ ගැඹුරටම ඇදෙද්දී වේදනා නොපෙන්වා හිනාවීගන ලොවට හිතාගනු බැරි චරිත මවද්දී ඇත්තටම දැනෙන දුක කොයි තරම් සුමිහිරිද ඔබ නිසා හිතවතිය....

ක‍ටුසු හදවතේ අගමුල හොයලා බලන්න මෙතනින් යන්න.

Sunday, November 20, 2016

වැහි කවි (ෆීලින්ග් රොමෑන්ටික්)

ප්‍රංශ හාදුවක රස රත් ලවන් තෙමනකොට
ආදරෙන් මත් වෙන්න රතු වයින් ඕනෙමද
සීතළට පොපියනා හැඟුමකට ඉඩ දෙන්න
උණුහුමට දැල්වෙනා ගිනි උඳුන් ඕනෙමද

රෑ අහස යට මැවෙන සරාගී සාදයට
ඉටි පහන් නැතුවාට තරු එළිය ඇති නේද
අනෝරාවට කලින් හීන් පොද වැටෙනකොට
නිදා හුන් හැඟුම් ඇස් හිමින් අරිනව නේද 


සදට පෙම් බදින්න මෙතනින් යන්න...

Thursday, November 17, 2016

ලා දම් පාට මල් හිනැහෙන රොබරොසියා...........


ලා දම් පාට මල් හිනැහෙන රොබරොසියා
මල් පාවඩ දිගේ හෙමිහිට අඩිය තියා
ඉමක් නිමක් නොපෙනෙන ජීවිතය සොයා
ඔබත් මමත් නිරතුරු මෙහි ආව ගියා

දෙනෝදහක් දෙන ගැවසෙන නුවර පුරා
නිසසල බිඳී පාවෙයි ඝෝෂාව දරා
රොබරොසියා තුරු ගොමුවේ දවස පුරා
දොඩමළු වුණා අපගේ හිත් ලොවට හොරා

ආදර ඔබේ සුසුමන් දෙව් ලොව වැඩියා
දුටුව සිහින කඳුළු බිඳෙන් බොඳව ගියා
නිරතුරු අප දෙදෙන හමුවූ රොබරොසියා
මලේ සුවඳ මට දී ඔබ යන්න ගියා........


දුමීව බලලා යන්න මේ පැත්තෙන් එන්න. 

http://dumimda.blogspot.com/2016/11/blog-post_15.html

Friday, September 2, 2016

TBW (The Best Web) මහා බ්ලොග් තරගය

තවත් ගින්දර වැඩක්....


අප බ්ලොග් තරගයක් අළුතින් පටන්ගත්තා. ඔබේ බ්ලොග් අඩවිය / වෙබ් අඩවිය මෙම තරගයට ඇතුළත් කර ඇත්ද? නැත්නම් දැන්ම ඇතුළත් කරන්න..

මේකෙන් දින්නොත් ඔයාට ඔයාගේ සයිට් එකට වැදගත් කෝඩ් ටිකක් හෝ SEO Tools දෙනවා.


කොහොමද ඇතුල් වෙන්නේ

ඇතුල් වෙන්නේ මේ සයිට් එකෙන් යන්න. ඒකේ තියනවා "Add Your Site" කියලා ෆෝම් එකක්. ඒක පුරවන්න. 
ඒක ‍මේ විදියට පුරවන්න.
Name                     (ඔබගේ නම)
Email                     (ස්ථාවර ඊ-ලිපිනය)
Website                  (තරගයට ඇතුළත් කරන අඩවියේ ලින්කුව)
Site Type                (එම අඩවිය අයත් වර්ගය)
About Your Blog    (එම අඩවිය ගැන හැදින්වීමක්)
This Is For Contact You! (මෙය යොදාගන්නේ ෆෝරම් එකකදී ඔබව සම්භන්ද කරගැනීමටයි)
Username                 (ෆෝරම් වලදී ඔබේ නාමය)
@                            (එම නාමය යොදා ගත් ෆෝරමය)
හෝ මෙම අඩවියේම යට ගූගල් ෆෝම් එකක් තිබෙනවා. එය පුරවාද තරගයට ඇතුළුවිය හැක. එහෙත් හොදින් මතක තියාගත යුතු කාරනය වන්නේ ගූගල් ෆෝමය හෝ මේ සයිට් එකේ තියන ෆෝම් වලින් එකක් පමනක් පුරවන්න.. කරන්න තියෙන්නේ එච්චරයි..
ඔයා එහෙම සබ්මිට් කලහම ඔයා බ්ලොග් තරගේ සාමාජිකයෙක්. ඊට පස්සේ ඔයා ඇඩ් කරපු සයිට් එකේ මේ කෝඩ් එක එල්ල ගන්න.
 
දිගටම කියවන්න >>> http://www.ginidal.top/2016/08/the-best-site.html